À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 17 |

A+ A-

      දරුවා ඇදේ තිබ්බ මම දොර වහගෙන එලියට ආවෙ දොරට තඩිබාන සද්දෙන් කොල්ලා ඇහැරෙයි කියල.

         ” ඇයි? ”

වසන්තෙ අයියා මං ඒ වගේ ඇගට ගොඩවෙයි කියන බලාපොරොත්තුවකින් නොඉන්න ඇති. ටිකක් ගැස්සිලත් ගියා..

       ” මේක කොල්ලට දියං.. ”

     ලොවි මල්ලක්.. පොඩි එකා ආසයි ඔය ගඩාගෙඩි කන්න. උට සල්ලිවලට අරන් දුන්නොත් මිසක් කඩාගෙන කන්න කියල එක අඹ පැලයක් හිටවන්න මට කියල බිම් අගලක් තියෙන එකක්ද?

      බෝඩිමේ අයිතිකාරයො මේ බිත්තියක ඇණයක් ගැහුවත් ඇරගන්න එනවා. කොහෙ පැළ ඉන්දන්නද? ඇරත් එහෙම මිදුලක් කියලත් නෑ.. යන්න එන්න පාරට ඩිංගක් ඇරෙනකොට..

     මං පොඩි කාලෙ පේර දිවුල් අඹ රඹුටන් ගස් අස්සෙ වවුලා වාගෙ එල්ලීගත්ත ගමන්මයි.. කෝටුපාර කනවා ගස් නැගල අම්මගෙන් වෛරපලු හිටින්න. ඒත් ආය පහුවදා ගහක් මුදුනෙ.

   මගෙ දරුවට හුස්ම ගන්නවත් ඉඩක් නෑ.. උට වහ නාවපු ඇපල් ගෙඩියක් දොඩම් ගෙඩියක් ඇරුනම පලතුරු කියල දෙන්න මොනාද තියෙන්නෙ? ඒව අරන් දෙන්නත් සල්ලි එපැයි. කඩල ඇටයක් මුං කිරිබත් කෑල්ලක් හදලා බලහත්කාරෙන් කැව්වොත් මිසක් ඌ ජීවත් වෙනවා කියන්නෙ මොකද්ද කියන්න දන්නෙ නෑ.. මගෙ අහිංසක සුදුමොනර පැටියා…

      ” එල්ලගෙනම ඉන්න එපා බං. උබට මොනාද ඔයහැටි ප්‍රශ්න? ”

    වසන්තෙ අයියගෙ සද්දෙන් පියවි ලෝකෙට ආව මම ලොවි පාර්සලේ මේසෙ උඩ තියලා ඒ ඇස් මගෑරියෙ රවාගෙන.

     ” මට මොනාද ප්‍රශ්න අහන්න.. අයියා මැරිල ඉපදුනේ නෑනෙ අයියෙ.. වාඩිවෙනවා. කහට ටිකක් පෙරන්නං. ”

      ” හ්ම්…. එක අතකට.. ඔය වයසට උබ විදින දුක් කන්දට හරි හැටියට එල්ලගෙන ඉදියනං උබට බිම ඇදෙනකල් එල්ලන් ඉන්න වෙයි.. ”

     ” පිස්සු.. ”

    ” උබට කොයිකත් වැරදියටනෙ ඇහෙන්නෙ… ”

     ” ච්.. ” මං කුස්සියට ගියෙ වසන්තෙ අයියා එන බව මතක් වෙද්දි හිතට මහ බරක් දැනෙනකොට..

   අපරාදෙ කහට පෙරන්න ඇහුවෙ..

       වසන්තෙ අයියා කුස්සියෙ උලුවස්සට අතක් තියල හේත්තු වුණ අතරෙ වැහි හිරිකඩ ඉහිලා කුස්සිය තෙමෙයි කියල දැන දැනම මම කුස්සියෙ දොර ඇරල දැම්මෙ මගෙ හිතටම මාව ඔප්පු කරන්න. වෙන කාටවත් නෙවෙයි.

     ” ලොකු ඉන්ජිනේරු මහත්තයා කාමරේ අස්සට රිංගලා උබව අඩවන්න තරම් කොහොමද හංසයො උබව අදුරන්නෙ? ”

       ” නිකන්.. පාරෙ දැකල- ”

   ” පාරෙ දැකල.. ” වසන්තෙ අයියා හිනාවුණේ කින්ඩියට. කිසිම ලස්සනක් නැති.. දැක්කම බය හිතෙන වයසක මූණෙ ඒ කින්ඩි හිනාවත් කැතට තව කැත ඇමිනුවා.  මට වසන්තෙ අයියා ගැන දැනුනෙ දුකක්.. අනුකම්පාවක්..

   තනිකම තරම් අපායක් නෑ..

මේ මනුස්සයා ඒ අපායෙ පත්ලෙම ගිනිදැල් කකා මං පස්සෙන් එන්නෙ එක වතුර පොදක හීතල විදින්න වෙන්න ඇති.

  කාටත් ඕනා ආදරයක්.. ආදරේ නැතුව ජීවත් වෙන එක ෆේස්බුක් එකේ මීම්ස් දානෙන තරම් විනෝද නෑ. ඒක කටුක කලු තිත්ත කලුවර නීරහක්.

   මටනම් දරු පැටියා හරි ඉන්නවා කාන්සිය මකන්න..

   මේ මනුස්සයට තමන්ම විතරයි.

   ඉතින් කෑගහල එලවගන්න හිත දුන්නැත්තං මං වැරදිද දෙව්දුන් අයියා?..

    උබ හිතනවා වගේ මං මූ එක්ක ලගින්න දැගලුවෙ නෑ… ඒත් ජීවිතේ ගිනි කාස්ටකේ දරන්න බැරි තැන හෙවනට ඉදපු ඒ හෙවනැල්ල ඉර වලාකුලක හැංගිල වතුර පොදක් වැටිල දේදුන්නක් උපන්න හැටියෙ මකලා දාන්නද?…

     මං දන්නෑ.. මහ කාලකන්නි උභතෝකෝටිකයක මම පැටලිලා.. හිරවෙලා…

    ” ආහ් ආහ්! පුච්චගනිං.. ! ” වසන්තෙ අයියා මං අතින් කේතලේ ඇදල අරගන්නකල් මං දන්නෑ නටන  වතුර කේතලේ අතේ තියාගෙන මං දොරෙන් එපිට බලාගෙන ඉදපු විත්තියක්.

     ” උබට! ” වසන්තෙ අයියා තරවටු කරාට මොකද.. තේ කුඩු දාල තේ ගොටුව හදල අරන් ජෝගුවකට තේ පෙරුවා.. පෙරලා පොඩි කෝප්පෙකට දාල මටත් එකක් දුන්නා..

     ” අර මල්ලෙ කේක් පෙට්ටියක් ඇති… පොඩි එකා කන්න ආසයිනෙ.. මට එහෙන් කේක් දීල තේ දුන්නෙ.. පොඩි එකා මතක් වෙද්දි උට ගේන්න හිතුනා.. මගින් ගත්තා ඉතිං..උබත් කාපං.. ”
    

    පොඩි එකා කන කේක්.. ඌ කන්න ආස වුනත් කෑල්ලක් තනියෙන් ඉවර කරගන්න බෑ. කේක් පෙරේතයා මම. මූ ඒක දන්නවා. කොල්ලා ඉතුරු කරන කේක් පලුව යන්නෙ මගෙ බඩට.. ඒක කවදත් එහෙමයි. වසන්තෙ අයියෙ උබ මහ කපටියි.. උබ මාව තව අසරණ කරනවා.

      ” පොඩි එකාට බඩ රිදෙනවලු.. අයියා අරන් ගිහින් තේ බොන්න තියාගන්න. ”

    ” හරි උබ කාහං.. උබෙ රිදෙන්නෙ නෑනෙ? ”

    ” මට කන්න බෑ.. වසන්තෙ අයියා අරන් යන්නකො අප්පා.. මට කාගෙවත් කේක් ඕන්නෑ.. මට අතපය හතර නැතුව නෙවේනෙ. මගෙ දරුවට කන්න දෙන්න බැරි අංසබාග ලෙඩෙක් නෙවෙයි මං! මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවකො අයියෙ.. අනේ මට මගෙ දරුපැටියා එක්ක නිදහසේ ඉන්න දීහල්ලකො බං.. ”

     ” ලොකු ඉංජිනේරු මහත්තයා ගෙනත් දෙන ලොකු ලොකු කේක් උබට රහ වැඩි නං මං මේක ගෙනියන්නං. මේක ගෙනාවෙ උබෙන් මොකුත් බලාගෙන නෙවෙයි හංස.. උබලා මතක් කර කර කන්න පිරියක් නොදැනිච්ච හින්දා  ”

    ” ලොකු ඉංජිනේරු පකයෙක් ගෙනාව පකක් නෑ බං! එහෙම රෙද්දක් නෑ. ”

  මං තාම බාරෙ ඔප්පු කරන්න ඉල්ලගත්ත සල්ලි මේ මනුස්සයට ණයයි. කුහක බ ල්ලෙක් වාගෙ ඒ මිනිහගෙ ඇගට ගොඩවෙන්න හිත ගල් කරගන්න බැරි ඒකයි.

   මම කිසි කෙනෙකුගෙන් උදව් බලාපොරොත්තු නොවෙන්නෙ ඒකයි. ඊටපස්සෙ ඒ උදව්වෙ හිලව්වට මොන දේ ඉල්ලුවත් නොදී ඉන්න බැරි තරං මගෙ හිත මෙලෙකයි.

   ඉක්මනට ඒ සල්ලි දීල දාන්න ඕන. ඒත් කෙලෙහෙගුණ?..

     කෙලෙහෙගුණ කියල මං මූ අතින් නිදිවදින්නද?

    මොන පව්කාරකමක් ද අප්පා මේක…?

     ” හංස… දරුවට කෑල්ලක් තියල ඕක කාහං. උබ අසරණ කරන්න හිතාගෙන මොකවත් කරලා නෑ හංස මං.. උබගෙ හිතට බරක් නං මං යන්නං..”

   

        ” … තමුසෙ කාලද.. බත් ටිකක් කාල යනවා.. ”

      මං අහක යන්න හදපු නයාව ඇදල ආය රෙද්ද අස්සෙ ඔබාගත්තෙ  මොන හේතුවකටද මංදා.. මට වසන්තෙ අයියා ගැන දුකක් දැනුණෙ තනි වෙච්ච වෙලාවෙ ඌ අප්පෙක් වගේ මාව බලාගත්ත හින්දා.. ඒත්.. ඒ අනුකම්පාව පිට දාල මං මේ මනුස්සයට තව බලාපොරොත්තු දෙන්න වටිනවද?

     ” උබ ඉව්වද?…. ”

” ම්ම්… ලොකුවට මොකුත් නෑ.. කොල්ලට තම්බල ඌ කෑවෙ නැති කඩල ඇට ටිකට මිටිකිරි ඩිංගක් දාල මාලුවක් ඉව්වා.. කොළ මැල්ලුමක් හැදුවා.. පොඩි එකාට දෙන්න කියන්නෙ ඕවනෙ.. ”

       “  උබෙ අතින් හැදුවම.. සත්තයි හංසයො.. වහත් රහයි මට.. ”

     ” විකාර නැතුව කහට එක බොනවද?.. ”

    ” මං බත් කන්න ඉදියොත්… උබ මං ගෙනාව කේක් එක කපල මටත් කෑල්ලක් දෙනවද හංස..? ”

     ” හ්ම්… ”

ඒ මනුස්සයා ආසාවෙන් ගෙනාපු දේ ආපහු යවන්න තරම් දුශ්ට හිතක් මට තිබුණෙ නෑ. මං කේක් කෑල්ලක් කපල දීල ඉතුරු ටික තිබ්බෙ ඒකයි.

    ” හංසත් කන්න.. ”

” මගෙ අතේ කරවල.. “

    වසන්තෙ අයියා අතින් කඩලා මගෙ කටට ලං කරපු කේක් කෑල්ලට මම කට ඇරියෙ පෙරැත්තම කරපු හින්දා..

   එක අතකට.. මං කාටවත් බැඳිල නෑ.. මං කාටවත් වරදක් කරලත් නෑ.. මං මේ මනුස්සයව මේ දැන් කසාඳ බැන්දත් දෙව්දුන්ට අයිතියක් නෑ පුපුරන්න..

   ඌමයි මාව එපා කියල දාල ගියෙ..

   මං උට වරදක් කරනවා වගේ හිතාගෙන දුක් වෙන්නෙ බොරුවට..

    මොකද ඌ මගෙ කුසට දරුවෙක් දීල ගියා කියලද?.. මේ දරුවා මගෙ.. මට කවුරුත් ඕන නෑ මට අයිතිවාසිකම් කිය කිය දගලන්න.

      මම කරවල කෑල්ලක් දෙකක් අමුවට තෙල් දාල දරුවට ටිකක් අයින් කරලා… ඉතුරු ටිකට ලූනු සුදුලූනු කරපිංච මිරිස් තුනපහ ලුනු දාල තෙම්පරාදු කළා.

          බත් එක ආපහු ටිකක් රත් කරලා බත් බෙදුවෙ දරුවට තියලා.. ඌ මේව කන්නෙ නෑ දැන්.. මහ එකාගෙ පෘට් ලූප්ස්ම හොයනවා. බලහත්කාරෙන් හරි බත් කටක් දෙකක් නොගිල්ලව කෝමද එහෙම කියල?

      වසන්තෙ අයියා පීරක් හොයාගෙන කුස්සියෙ පිහි ටිකයි හිරමනෙයි ගාන්න තියාගත්තෙ කුස්යෙන් පිට තිබ්බ පුංචි ටකරන් මඩුවෙ තියාගෙන.

    බත් ටික බෙදලා වතුර විදුරක් අරන් ගිහින් පොරට මම අතින් තට්ටු කලා.. 

      ” බත් කමු.. ”

    ” උබ බොරුවට නහින්න එපා.. මං කිව්වනෙ ඔය තියෙන දෙයක් බෙදල ගනින් කියල.. ”

     ” කරවල කෑල්ලක් හරි බැදල දුන්නෙ නැත්තං පොඩි එකා කන්නෑ අයියෙ. කොහොමත් මම බදින්න හිටියෙ. ”

          ” බිත්තරයක් බැඳල දියං. කටු කරෝල දෙන්න හොදද කොල්ලට? ”

   “  කටු අයින් කරලනෙ දෙන්නෙ.. බිත්තර නෑ ගෙදර.. ”

       ” අර බෝතලේක එකක් පුරවල තියෙන්නෙ?.. ”

    වසන්තෙ අයියා අත සෝදන අතර් මං කබඩ් එක ඇරල බැලුවා..

   ඒකෙ බිත්තර ඇට වර්ග කිරිපිටි බිස්කට් පුරවලා…

   මම මේ වෙනකල් ඕව දැක්කෙ නෑ..

    වසන්තෙ අයියා පිහිය ගන්න අරිනකල් අල්මාරිය තිබුනෙ අගුල්ලලා.. පොඩි එකා අදින හින්දා පිහිතලේ ඉදන් ගිනිපෙට්ටිය දක්වා මම ඇහිරුවෙ ඒකෙ. ඊටපස්සෙ අගුල්ලල දැම්මා.

      වසන්තෙ අය්ය බත් එක අරන් වාඩි වෙන අතරෙ මං කබඩ් එක වැහුවා.

      ” උබෙයි.. ලොකු ඉන්ජිනේරු මහත්තයගෙයි හුටපටේ මට තේරෙන්නෑ හංස.. ”

    ඌ බත් එක කෑවෙ ඕනවට එපාවට…

නැවත හමුවෙමු 🤍🦢

Oct 05 – 2024

තව ලියනවා.. ඒත්නිදිමතයි…

ඊයෙ ටොක්සික් ලිය්ල් නිදාගනිද්දි පාන්දර 3 ට ඇති.. නැගිටිද්දි හය වෙලත් නෑ.. අද ඇගම වෙව්ලනවා ඉතින්

තව කොටසක් හෙටවත් දෙන්නම්..

හංසයව කාටද දෙන්නෙ අප්පාහ්.. හ්ම්.. හීනෙන් පෙනියන් සලකුනක්..

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 17 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 17 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 17 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 17 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 17 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 17 | light novel, ,

Comment

Leave a Reply

Chapter 19